ට්‍රම්ප්ගෙන් එලොන් මස්ක්ගේ නව දේශපාලන පක්ෂයට දැඩි විවේචන!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සිය හිටපු මිතුරා වූ එලොන් මස්ක් (Elon Musk) නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම “විකාරයක්” ලෙස හඳුන්වමින් දැඩි විවේචනයට ලක් කර තිබෙනවා. මෙය, ට්‍රම්ප්ගේ ලොකුම ආධාරකරුවා ලෙස සිටි මස්ක් සමඟ රිපබ්ලිකන් පක්ෂ නායකයාගේ ගැටුම තවදුරටත් තීව්‍ර කරයි.

“එය සැමවිටම ද්විත්ව පක්ෂ ක්‍රමයක් වී තිබෙනවා, තුන්වන පක්ෂයක් ආරම්භ කිරීම ව්‍යාකූලත්වය වැඩි කරනවා. තුන්වන පක්ෂ කවදාවත් සාර්ථක වී නැහැ. ඒ නිසා ඔහුට එයින් විනෝද විය හැකියි, නමුත් මම හිතන්නේ එය විකාරයක්,” යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත. දකුණු අප්‍රිකාවේ උපන් මස්ක් සෙනසුරාදා (ජූලි 05) නිවේදනය කළේ, එක්සත් ජනපදයේ “එක්-පක්ෂ ක්‍රමය” ලෙස ඔහු හැඳින්වූ දේට අභියෝග කිරීම සඳහා තමා ඇමරිකා පක්ෂය (America Party) පිහිටුවන බවයි.

SpaceX (ස්පේස්එක්ස්) සහ Tesla (ටෙස්ලා) හි අධිපති මස්ක් පවසන්නේ, ජනාධිපතිවරයාගේ දැවැන්ත දේශීය වියදම් සැලැස්ම ඇමරිකානු ණය පුපුරුවා හරිනු ඇති බවත්, ඊට ඡන්දය දුන් නීති සම්පාදකයින් පරාජය කිරීමට තමාට හැකි සෑම දෙයක්ම කරන බවට පොරොන්දු වී ඇති බවත්ය.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top