ජාතිවාදී නිරූපණය හේතුවෙන් Sanex සබන් දැන්වීමක් තහනම් කෙරේ

අඳුරු සම සහිත නිරූපිකාවන්ගේ සම වියළි සහ ඉරිතලා ඇති බවත්, සුදු සමක් ඇති නිරූපිකාවගේ සම සිනිඳු බවත් පෙන්නුම් කළ Sanex සබන් සඳහා වූ රූපවාහිනී දැන්වීමක්, ජාතිවාදී ඒකාකෘතික නිරූපණයක් (racial stereotype) ශක්තිමත් කිරීම හේතුවෙන් තහනම් කර තිබෙනවා.

මෙම දැන්වීමේ අඳුරු සමක් ඇති නිරූපිකාවන් දෙදෙනෙකු දක්වා ඇති අතර, එක් අයෙකුට කැසීම ඇති සමක් ඇති අතර, අනෙක් අයගේ සම වියළි බවක් පෙන්වයි. ඉන් පසුව සමේ කිසිදු ගැටළුවක් නොමැති සුදු ජාතික කාන්තාවක් පෙන්වයි. අඳුරු සම වියළි, ඉරිතලා ගිය සහ කැසීම ඇති සමක් ලෙස නිරූපණය කිරීම “සුදු සම කළු සමට වඩා උසස් බව අඟවන බවට අර්ථ දැක්විය හැකි” බවට ලැබුණු පැමිණිලි දෙකක්, දැන්වීම් ප්‍රමිති අධිකාරිය (ASA) විසින් තහවුරු කරන ලදී.

Sanex හි හිමිකාරීත්වය දරන Colgate-Palmolive සමාගම පවසන්නේ, විවිධත්වය සඳහා වූ ඔවුන්ගේ කැපවීමේ කොටසක් ලෙස විවිධ සමේ වර්ණ ඇති නිරූපිකාවන් භාවිතා කළ බවයි. ඔවුන්ගේ නිෂ්පාදන සියලුම සම වර්ග සඳහා බවත්, විවිධ නිරූපිකාවන් භාවිතා කිරීම පෙර සහ පසු අවස්ථාවක් පෙන්වීමට මිස, විවිධ සමේ වර්ණ හෝ ජනවාර්ගිකත්වය (ethnicities) සංසන්දනය කිරීමට නොවන බවත් එම සන්නාමය පවසා ඇත.

ජුනි මාසයේදී රූපවාහිනියේ විකාශය වූ මෙම දැන්වීමේ, අඳුරු සමක් ඇති නිරූපිකාවක් ඇගේ ශරීරය සූරා ගන්නා අයුරු පෙන්වන අතර, දීප්තිමත් තැඹිලි පාට තීන්ත වැනි ඉරි ඇගේ ඇඟිලි තුඩුවලින් ඇඳෙන අයුරු පෙන්වයි. තවත් අඳුරු සමක් ඇති නිරූපිකාවකගේ සම ඉරිතලා, මැටි වැනි ද්‍රව්‍යයකින් වැසී ඇති බව පෙන්වන අතර, “වතුරෙන් පවා සම වියළී යන අයට” යනුවෙන් හඬ පටයක් ඇතුළත් කර තිබී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top