ජර්මනියේ Apple, Google යෙදුම්වලින් DeepSeek ඉවත් කිරීමට පියවර!

චීන කෘත්‍රිම බුද්ධි (AI) සමාගමක් වන DeepSeek යෙදුම ජර්මනියේ Apple සහ Google යෙදුම් ඉවත් කරන ලෙස ජර්මනියේ දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා ඉල්ලා තිබේ. මෙම යෙදුම පරිශීලකයන්ගේ පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට යවන බවත්, එය යුරෝපා සංගමයේ පෞද්ගලිකත්ව ප්‍රමිතීන්ට අනුකූල නොවන බවත් කොමසාරිස්වරයා පවසයි.

ඒ අනුව, ජර්මනිය තුළ යෙදුම අවහිර කළ යුතුද යන්න පිළිබඳව සමාලෝචනය කර තීරණය කිරීමට Apple සහ Google සමාගම්වලට සිදුව ඇති අතර DeepSeek සමාගම මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නොමැත. යුරෝපා සංගමයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසිය (GDPR) යටතේ, පරිශීලක දත්ත සැකසීම සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවා ඇති අතර පරිශීලකයින්ගේ අවසරයකින් තොරව හෝ පැහැදිලි භාවිත ප්‍රතිපත්තියකින් තොරව දත්ත රටවල් අතර හුවමාරු කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් තහනම් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top