ජර්මනියේ දේශපාලන පෙරලියක්

ජර්මනියේ දේශපාලන පෙරලියක්

ජර්මනියේ අන්ත දක්ෂිණාංශික පක්ෂය (Alternative for Germany) (AfD), නැගෙනහිර තුරින්ජියා ප්‍රාන්තයේ ඡන්ද තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයකින් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි.
කෙසේ වෙතත්, වෙනත් පක්ෂ ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට අකමැති නිසා ඔවුන් ආණ්ඩුව කිරීමට අපහසු බව බොහෝ දෙනාගේ මතයයි.

තුරින්ජියා (Thuringia) හි AfD නායක Björn Höcke ජයග්‍රහණය සැමරූ නමුත් බොහෝ අය මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටිති. සමූලඝාතනයෙන් දිවි ගලවා ගත් චාලට් නොබ්ලොච් (ජර්මන් මධ්‍යම කවුන්සිලයේ හිටපු සබාපතිනි) පැවසුවේ මෙම ජයග්‍රහණයෙන් ජර්මනියේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට හානියක් විය හැකි බවයි.

විශේෂයෙන් සරණාගතයින් පිළිබඳ AfD හි දැඩි ප්‍රතිපත්ති සහ සංක්‍රමණ විරෝධී අදහස් මෙම ජයග්‍රහණයට බලපා ඇති බව ඇතමෙකුගේ අදහසයි. AfD පක්ශය මෙලෙස ශක්තිමත් වීමත් සමඟ එය ජර්මනියේ අනාගතයට කෙලෙස බලපෑමක් ඇති කරයිද යන්න ජර්මානු ජනතාව අවධානයෙන් පසුවේ. විශේෂයෙන්ම ලබන වසරේ ජාතික මැතිවරණයක්ද පැවැත්වීමට ඉඩ ඇති මොහොතක රටේ දේශපාලනික තත්වය මෙලෙස වෙනස් වීම ඉතා තීරණාත්මක බව විද්වතුන්ගේ මතයයි.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි

https://www.bbc.com/news/articles/cn02w01xr2jo

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top