ජර්මනියේ දුම්රියක් පීලි පැනීමෙන් 3ක් මරුට, තවත් පිරිසකට තුවාල

නිරිතදිග ජර්මනියේ (south-west Germany) මගී දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස්, තවත් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. ක්‍රියාකරු ඩොයිචේ බාන් (Deutsche Bahn) පැවසුවේ, ස්ටුට්ගාර්ට් (Stuttgart) අසල රීඩ්ලින්ගන් (Riedlingen) හිදී මෙම අනතුර සිදු වූ අතර ඊට ටික වේලාවකට පෙර ප්‍රදේශයේ කුණාටුවක් ඇති වූ බවයි.

ජර්මානු පුවත් සේවය වාර්තා කළේ, අනතුර සිදුවන අවස්ථාව වන විට වන විට දුම්රියේ මැදිරි දෙකක් පමණ වනාන්තර ප්‍රදේශයකදී පීලි පනින විට දුම්රියේ පුද්ගලයින් 100ක් පමණ සිටි බවයි.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) ප්‍රකාශ කර ඇත්තේ, වින්දිතයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ශෝකය පළ කරන බවත්ය. ඔහු අභ්‍යන්තර කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යවරුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවත්, හදිසි සේවා සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත්ය.

ඩොයිචේ බාන් පැවසුවේ, දුම්රිය සිග්මාරින්ගන් (Sigmaringen) සහ උල්ම් අතර කිලෝමීටර් 90ක (සැතපුම් 55ක) මාර්ගයක ගමන් කරමින් සිටියදී පීලි පැන ඇති බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top