ජපානයේ මෑන්හෝලයකට (manhole) වැටී සේවකයන් සිව් දෙනෙක් මරුට

ජපානයේ ටෝකියෝ (Tokyo) අගනුවරට ආසන්න නගරයක මෑන්හෝලයකට (manhole) වැටීමෙන් සේවකයන් සිව් දෙනෙකු මියගොස් ඇති බව ජාතික මාධ්‍යයක් වන NHK වාර්තා කරයි. ඔවුන් මිය යන විට අපද්‍රව්‍ය නල පරීක්ෂා කරමින් සිට ඇත.

මෙම සිදුවීම ජපාන අගනුවරට උතුරින් සයිටාමා ප්‍රාන්තයේ (Saitama Prefecture) ග්‍යෝඩා (Gyoda) නගරයේ සිදුව ඇත. එහිදී 50 ගණන්වල පසුවන මෙම පුද්ගලයන් සිව්දෙනා සහ අනෙකුත් සගයන් අපද්‍රව්‍ය නලයක් පරීක්ෂා කරමින් සිට ඇත. පසුගිය ජනවාරි මාසයේදී විශාල මාර්ගයක් කඩා වැටීමෙන් පසු, මධ්‍යම රජය විසින් නගර සභාවලට සිදු කිරීමට නියෝග කර තිබූ අපද්‍රව්‍ය නලවල හදිසි පරීක්ෂාවක් මෙම සේවකයන් විසින් සිදු කරමින් සිටි බව නගර නිලධාරීන් පවසයි.

පරීක්ෂාව අතරතුර, සේවකයෙකු මෑන්හෝලයට වැටී ඇති අතර, පසුව ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ ඔහුගේ සගයන් තිදෙනා ද වැටී ඇති බව වාර්තා වේ. මෙම මෑන්හෝලයේ විෂ්කම්භය සෙන්ටිමීටර 60ක් (අඟල් 24ක්) වන අතර, ගැඹුර මීටර 10කට (අඩි 33කට) වඩා වැඩිය. ගලවා ගැනීමේ නිලධාරීන් විසින් මෑන්හෝලයෙන් අධික සාන්ද්‍රණයකින් විෂ සහිත හයිඩ්‍රජන් සල්ෆයිඩ් (hydrogen sulfide) වායුව පිටවන බව හඳුනා ගෙන ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top