ජනප්‍රිය ඔස්ට්‍රේලියානු නළු ජූලියන් මැක්මහොන් දිවියෙන් සමුගනී.

සුප්‍රකට රූපවාහිනී කතා මාලා වන ‘Nip/Tuck’ සහ ‘Charmed’ හි චරිත සඳහා ප්‍රසිද්ධියට පත් වූ ඔස්ට්‍රේලියානු නළු ජූලියන් මැක්මහොන් (Julian McMahon) 56 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. පිළිකා රෝගයෙන් පීඩා විදි මොහු ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් (Clearwater) හිදී මියගිය බව වාර්තා වෙයි.

මැක්මහොන්ගේ රංගන දිවිය ආරම්භ වූයේ ජනප්‍රිය ‘Charmed’ නම් අධිස්වාභාවික රූපවාහිනී කතා මාලාව සමඟයි. ඉන්පසුව ‘Nip/Tuck’ වෛද්‍ය නාට්‍යයේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වන ආචාර්ය ක්‍රිස්ටියන් ට්‍රෝයි (Dr Christian Troy) ගේ චරිතය තුළින් පුළුල් පිළිගැනීමක් ලැබුවා. 2003 සිට 2010 දක්වා වාර හයක් පුරා විකාශය වූ මෙම වැඩසටහන වෙනුවෙන් ඔහුට ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) සම්මාන නිර්දේශයක් හිමි වුණා.

“ජූලියන් ජීවිතයට ආදරය කළා. ඔහු ඔහුගේ පවුලට ආදරය කළා. ඔහු ඔහුගේ මිතුරන්ට ආදරය කළා. ඔහු ඔහුගේ වැඩවලට සහ ඔහුගේ රසිකයින්ට ආදරය කළා. හැකි තරම් ජීවිතවලට සතුට ගෙන ඒම ඔහුගේ ගැඹුරුම පැතුමයි,” යනුවෙන් ඔහුගේ බිරිඳ නිකුත් කළ නිවේදනයක සඳහන් වී ඇත.

මැක්මහොන්, ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකුගේ පුත්‍රයා වූ අතර, ඔහුගේ මෑත කාලීන රංගනයන්ගෙන් එකක් වූ නෙට්ෆ්ලික්ස් හි ‘The Residence’ හි ඕස්ට්‍රේලියානු අගමැතිවරයකුගේ චරිතයක් ද රඟපා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top