ජනපති ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වූ චාර්ලි කර්ක් ඝාතනය කරයි

කොන්සර්වේටිව් ක්‍රියාකාරිකයෙකු සහ ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන චාර්ලි කර්ක්, යූටා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයකදී පැවති දේශනයක් අතරතුර වෙඩි තබා ඝාතනය කර තිබේ. යූටා වැලි විශ්ව විද්‍යාලය (Utah Valley university) වසා දමා ඇති අතර, පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වල නිරත වන බව වාර්තා වේ.

වෙඩි තැබීම වහලයක් මත සිට සිදු කරන්නට ඇතැයි බලධාරීන් විශ්වාස කරයි. වෙඩි තැබීමෙන් පසු අන්තර්ජාලයට පළ වූ වීඩියෝවකින් දැක්වෙන්නේ, වෙඩි තැබීමට පෙර, 31 හැවිරිදි කර්ක්ගෙන් සමූහ වෙඩි තැබීම් පිළිබඳව ප්‍රශ්න කරන අයුරුයි.

වයස අවුරුදු 18 දී ටර්නිං පොයින්ට් යූඑස්ඒ (Turning Point USA) නම් කොන්සර්වේටිව් කණ්ඩායම ආරම්භ කළ කර්ක්, ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලට සමීපව සිටි අයෙකි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top