ගැඹුරු සාගරයේ ජීවත් වන අමුතු, අන්ත ජීවීන් වන ක්ලාම් (clams) ගහණ, අයිස් මෙන් පෙනෙන බැක්ටීරියා (bacteria) සහ නල පණුවන් (tube worms) වැනි සතුන්ගේ ප්‍රජාවන් ගවේෂණ චාරිකාවකදී නිරීක්ෂණය කර, වීඩියෝ ගත කර, ඡායාරූප ගත කර තිබෙනවා.
පැසිෆික් සාගරයේ (Pacific Ocean) වයඹ දිග සාගර අගල් වෙත මිනිසුන් සහිත සබ්මැරීනයක් භාවිත කරමින් ගිය චීන (China) නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක්, කිලෝමීටර 9කට (සැතපුම් 5.6කට) වඩා වැඩි ගැඹුරකින් ජීවීන්ගේ ඡායාරූප ලබා ගැනීමට සමත් වී ඇත.
මෙම ගවේෂණයට පෙර වීඩියෝ ගත කරන ලද ගැඹුරුම සමුද්‍ර පෘෂ්ඨවංශී ජීවීන් සිටියේ මීටර් 8,336ක ගැඹුරකයි. ඒ 2023 දී ජපාන (Japan) වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු සාගර අගලක පිහිනමින් සිටි ස්නයිල්ෆිෂ් (snailfish) නම් මත්ස්‍යයෙකි. මෙම නව නිරීක්ෂණ Nature සඟරාවේ පළ කර තිබෙනවා. සාගර විද්‍යාඥයන් අතර මෙම ගැඹුරේ ජීවීන් සිටින බවට පිළිගෙන තිබුණද, මෙම මෙහෙයුමේ විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන් තම සබ්මැරීනයේ කවුළු වලින් දුටු සතුන්ගේ බහුලත්වය “පුදුම සහගත” බවයි.
චීන විද්‍යා ඇකඩමියේ ගැඹුරු සාගර විද්‍යා හා ඉංජිනේරු ආයතනයේ පර්යේෂකයන් විසින් මෙහෙයවන ලද මෙම කණ්ඩායම, විද්‍යාත්මක ගවේෂණ චාරිකාව කිලෝමීටර 2,500කට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කළ අතර, මීටර් 5,800 සිට 9,533 දක්වා ගැඹුරේ ඇති අගල් ගවේෂණය කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.