චීන ධාවන සපත්තු වෙළඳපොල තුල වඩාත් ජනප්‍රියත්වයට පත් වූ සපත්තු වර්ගයක් නොවේ. Nike, Adidas, New Balance සහ Asics වැනි වෙළඳනාම සැලකූ කල චීන සපත්තු වලට හිමි වී තිබුනේ බාල තත්වයකි.
එහෙත් චීනයේ නිෂ්පාදිත භාණ්ඩවලට තිබූ අපකීර්තිය නැති වී යෑමත් සමඟ, චීන ධාවන සපත්තු වඩ වඩාත් ප්‍රධාන ධාරාවේ නිෂ්පාදනයක් බවට පත්වෙමින් තිබෙන අතර, ඒවායේ වටිනාකම නිසා ජනප්‍රිය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම, ධාවකයන් ඉදිරියට තල්ලු කරන කාබන් තහඩුවක් වැනි තාක්ෂණයකින් සමන්විත, ඉහළ කාර්යසාධනයක් සහිත චීන සුපිරි සපත්තු සඳහා ඉල්ලුමක් පවතිනවා.
එයට හේතු වී ඇත්තේ, සපත්තුවේ ඉහල ගුණාත්මකභාවයයි. 2025 ආරම්භයේදී පමණක් බැරෑරුම් ලෙස ධාවනය ආරම්භ කළ 32 හැවිරිදි සිංගප්පූරු ජාතික ජස්ටින් ලිම් (Justin Lim) ගේ අත්දැකීම් අනුව එය කිලෝමීටර 800ක් ඔහුට භාවිත කිරීමට හැකි වී ඇති අතර, එහි මිලද චීනයෙන් පිටත වෙනත් පිළිගත් වෙළඳනාමයකට අයත් සපත්තුවක මිලෙන් අඩක් පමණ වේ.
ජස්ටින් ලිම් (Justin Lim) වැඩිදුරටත් පවසා ඇත්තේ “චීනයේ බොහෝ දෙනෙක් එය පැළඳ සිටීම නිසා, මට එය විශ්වාස කරන්න පුළුවන් වුණා” යනුවෙනි.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.