චීනය, පිලිපීනයේ හිටපු සෙනෙට් සභික ෆ්‍රැන්සිස් ටොලෙන්ටිනෝ (Francis Tolentino) ට සම්බාධක පනවා ඇති බව චීන විදේශ අමාත්‍යාංශය අඟහරුවාදා නිවේදනය කළා. ඔහුගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වී දිනකට පසුව මෙම සම්බාධක පනවා ඇත්තේ, “චීනය සම්බන්ධ ගැටළු පිළිබඳ ඔහුගේ දරුණු හැසිරීම” හේතුවෙනි. බීජිං හි පිලිපීන තානාපති කාර්යාලය ද මේ පිළිබඳව මෙතෙක් අදහස් දක්වා නැහැ.
චීනය විසින් ගත් මෙම පියවර, දෙරට අතර පවතින නොසන්සුන්තාවන්, විශේෂයෙන්ම දකුණු චීන මුහුදේ භෞමික ආරවුල් මධ්‍යයේ සිදු වී තිබෙනවා. ටොලෙන්ටිනෝ, මතභේදාත්මක මුහුදු තීරයේ චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රබල ස්ථාවරයක් ගත් අයෙකු ලෙස ප්‍රසිද්ධයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.