චීනයේ ෂෙන්ෂෝ (Zhengzhou), ලුඕයැන්ග් (Luoyang), ෂෙන්යැන්ග් (Shenyang) සහ චොන්ග්කින්ග් (Chongqing) ඇතුළු අවම වශයෙන් නගර හයක්, පැරණි වාහන හුවමාරු කර අලුත් වාහන මිලදී ගන්නා පුද්ගලයන් සඳහා ලබා දුන් සහනාධාර වැඩසටහන් නවතා දමා ඇත. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, මෙම වැඩසටහන සඳහා වෙන් කළ රජයේ පළමු වටයේ අරමුදල් දැනටමත් අවසන් වී තිබීමයි.
ෂින්ජියැන්ග් (Xinjiang) වැනි තවත් ප්‍රදේශ කිහිපයක් ද අරමුදල් වියදම් කරන ආකාරය සමාලෝචනය කිරීම සඳහා මෙම වැඩසටහන තාවකාලිකව නවතා දමා තිබේ. මෙම වාහන මිලදී ගැනීමේ සහනාධාර චීනයේ ආර්ථිකය නංවාලීම සඳහා ක්‍රියාත්මක කරන ලද පුළුල් සැලැස්මක කොටසක් විය. එහිදී, ජනතාව වාහන සහ ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර වැනි විශාල ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට දිරිමත් කිරීම අරමුණු විය.
මෙම වැඩසටහන අතිශයින් ජනප්‍රිය වූ අතර, මැයි මස අවසන් වන විට මිලියන 4කට අධික පිරිසක් ඒ සඳහා අයදුම් කර තිබුණි. කෙසේ වෙතත්, පාරිභෝගික විශ්වාසය පහළ යාම සහ විරැකියාව, අඩු වැටුප් වර්ධනය වැනි ආර්ථික ගැටලු හේතුවෙන්, රජය මේ වන විට එවැනි සහනාධාර භාවිත කරන ආකාරය පිළිබඳව නැවත සලකා බලමින් සිටී.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.