චාර්ලි කර්ක් (Charlie Kirk) වෙඩි තැබීමේ සැකකරු අත්අඩංගුවට!

කොන්සර්වේටිව් ක්‍රියාකාරිකයෙකු වන චාර්ලි කර්ක් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව ඇති ටයිලර් රොබින්සන් (Tyler Robinson) 22 හැවිරිදි යූටා ප්‍රාන්තයේ සිටින පුද්ගලයෙක්  බව වාර්තා වේ.

කොන්සර්වේටිව් ක්‍රියාකාරිකයෙකු සහ ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන චාර්ලි කර්ක්, යූටා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයකදී පැවති දේශනයක් අතරතුර වෙඩි තබා ඝාතනය කර තිබූ අතර,  සැකකරුවන් සෙවීම සදහා රට පුරා හදිසි මෙහෙයුමක් ආරම්භ විය.

ඔහුගේ ඥාතියෙකු විසින් රොබින්සන්ව ආරක්ෂක කැමරා දර්ශනවලින් හඳුනා ගැනීමෙන් පසු සැප්තැම්බර් 12 වන දින ඔහු අත්අඩංගුවට ගත් අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම නිවේදනය කරමින් සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී, එෆ්.බී.අයි නිලධාරීන් රොබින්සන්ගේ පසුබිම, දේශපාලන නැඹුරුව හෝ සිදුවීමට හේතුව ගැන සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බව පවසමිනි.

වාර්තා අනුව, රොබින්සන් අතීතයේ යූටා හි ස්වාධීන, හෝ පක්ෂග්‍රාහී නොවන ඡන්දදායකයෙකු ලෙස ලියාපදිංචි වී ඇති බවට තොරතුරු අනාවරණය විය. රාජ්‍ය වාර්තා අනුව ඔහුගේ දෙමාපියන් වන මැතිව් කාල් රොබින්සන් සහ ඇම්බර් ඩෙනිස් රොබින්සන් ලියාපදිංචි රිපබ්ලිකානුවන් වේ.

යූටා උසස් අධ්‍යාපන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ටයිලර් ජේම්ස් රොබින්සන් ඩික්සි තාක්ෂණික විද්‍යාලයේ විදුලි කාර්මිකයකු ලෙස තුන්වන වසරේ ශිෂ්‍යයෙකු බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top