එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝග කර ඇත්තේ, ගූගල් සමාගමට තමන්ගේ ක්‍රෝම් (Chrome) වෙබ් බ්‍රවුසරය විකුණා දැමීමට සිදු නොවුණත්, එහි දත්ත ප්‍රතිවාදීන් සමඟ බෙදාගත යුතු බවයි. දිස්ත්‍රික් විනිසුරු අමිත් මෙහ්තා විසින් මෙම තීරණ ලබා දී ඇත්තේ, වෙළඳපොළ තුළ ගූගල්ගේ ආධිපත්‍යය පිළිබඳ වසර ගණනාවක් පුරා පැවති අධිකරණ සටනකින් පසුවයි.
මෙම නඩුවට හේතු වී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android) සහ ක්‍රෝම් (Chrome) වැනි ගූගල් සතු නිෂ්පාදන මෙන්ම ඇපල් වැනි සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද උපාංගවලද පෙරනිමි සෙවුම් යන්ත්‍රය (Search Engine) ලෙස ගූගල්ගේ ස්ථානයයි.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගූගල් සමාගමෙන් ක්‍රෝම් විකුණා දමන ලෙස ඉල්ලා තිබුණි. නමුත් අඟහරුවාදා ලබාදුන් තීන්දුවෙන් අදහස් වන්නේ, තාක්ෂණික දැවැන්තයාට එය තබා ගත හැකි බවත්, විශේෂිත ගිවිසුම් ඇති කර ගැනීමෙන් එයට තහංචි පැනවෙන බවත්, සෙවුම් දත්ත ප්‍රතිවාදීන් සමඟ බෙදාගත යුතු බවත්ය.
නමුත්, ගූගල් සමාගම මීට වඩා අඩු දරුණු විසඳුම් යෝජනා කර තිබුණි. එනම්, ඇපල් වැනි සමාගම් සමඟ එහි සෙවුම් යන්ත්‍රය පෙරනිමියෙන් තබා ගැනීම සඳහා ඇති ආදායම් බෙදාගැනීමේ ගිවිසුම් සීමා කිරීම වැනි ක්‍රියාමාර්ගයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.