ගූගල් නව Pixel 10 ස්මාර්ට්ෆෝන් AI තාක්ෂණය සමඟ එළිදක්වයි

ඇල්ෆබෙට් සමාගමට (Alphabet’s Google) අයත් ගූගල් (Google) සමාගම, තම නව Pixel ස්මාර්ට්ෆෝන් සහ අනෙකුත් උපාංග පෙළ බදාදා (අගෝස්තු 20) හඳුන්වා දී ඇත. ඔවුන්ගේ මෙම නව නිෂ්පාදනවලදී, දෘඩාංග වැඩිදියුණු කිරීම්වලට වඩා කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

Pixel 10 දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන නිව්යෝක්හි (New York) වාර්ෂිකව පැවැත්වෙන “Made by Google” උත්සවයේදී එළිදක්වන ලද අතර, මෙවර උත්සවය තාක්ෂණික තොරතුරු වෙනුවට ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉලක්ක කර ගෙන තිබුණි.

නිෂ්පාදනයේ දෘඩාංග සම්බන්ධයෙන් ගත් කල, වැඩිදියුණු කිරීම් සාපේක්ෂව මධ්‍යස්ථ විය. එක්සත් ජනපදයේ තීරුබදු හේතුවෙන් සමහර ස්මාර්ට්ෆෝන්වල මිල විශාල ලෙස ඉහළ යනු ඇතැයි මෙම වසර මුලදී පැවති ගැටළු තිබියදීත්, සාමාන්‍ය දුරකථනයක මිල ඇමරිකානු ඩොලර් 799කින් සහ නැමිය හැකි දුරකථනයක (foldable model) මිල ඇමරිකානු ඩොලර් 1,799කින් ආරම්භ විය.

මෙම මාදිලි සඳහා පෙර-ඇණවුම් බ්‍රහස්පතින්දා (අගෝස්තු 21) සිට ආරම්භ වන අතර, Pixel 10, Pixel 10 Pro සහ Pixel 10 Pro XL අගෝස්තු 28 සිට බෙදා හැරීම සිදු කෙරේ. Pixel 10 Pro Fold ඔක්තෝබර් 9 සිට ලබා ගත හැකි බව වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top