ඉන්දුනීසියාවේ ජනප්‍රිය නිවාඩු නිකේතන දූපත වන බාලි වෙත සහ එතැනින් පිටත් වීමට නියමිතව තිබූ ගුවන් ගමන් රැසක් අද (ජූනි 18) අවලංගු කර ඇත. ඉන්දුනීසියාවේ නැගෙනහිර පිහිටි ලෙවොටෝබි ලකි-ලකි (Lewotobi Laki-Laki) ගිනි කන්ද පුපුරා ගොස් කිලෝමීටර 10ක් ඉහළට අළු දුම් කඳක් විහිදීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
අඟහරුවාදා පුපුරා ගිය මෙම ගිනි කන්දේ අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළම තත්ත්වයට ඔසවා ඇත. ගුවන් තොටුපළ බලධාරීන් පැවසුවේ, “ලෙවොටෝබි ලකි-ලකි ගිනිකඳු ක්‍රියාකාරකම් හේතුවෙන් I Gusti Ngurah Rai ගුවන් තොටුපළේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇති” බවයි.
Jetstar, Virgin Australia, Air India, Air New Zealand, Singapore’s Scoot සහ China’s Juneyao Airlines ඇතුළු ගුවන් සමාගම් රැසක ගුවන් ගමන් මෙම තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති අතර, එය විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ නගර වෙත ගමන් කරන ගුවන් ගමන්වලට බලපා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි