ගාසා හි ඊශ්‍රායල ප්‍රහාරයකින් පෝෂණ අතිරේක ගැනීමට පෝලිමේ සිටි දරුවන් ඇතුළු 15ක් මරුට!

මධ්‍යම ගාසා තීරයේ සායනයක් ඉදිරිපිට පෝෂණ අතිරේක ලබා ගැනීමට පෝලිමේ සිටි දරුවන් අට දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පලස්තීනුවන් 15 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම සායනය පවත්වාගෙන යන ඇමරිකානු ආධාර කණ්ඩායමක් වන Project Hope පැවසුවේ, මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ, තමන් “හමාස් ත්‍රස්තවාදියෙකුට” පහර දුන් බවත්, සිවිල් වැසියන්ට සිදු වූ හානිය සම්බන්ධයෙන් කනගාටු වන බවත්ය. තවදුරටත් අදහස් දක්වමින් Project Hope පවසා ඇත්තේ, බ්‍රහස්පතින්දා උදෑසන ඩෙයිර් අල්-බලා හි පිහිටි එහි Altayara සෞඛ්‍ය සායනය ඉදිරිපිට ප්‍රහාරය සිදු වූයේ, මන්දපෝෂණය, ආසාදන, නිදන්ගත රෝග සහ තවත් බොහෝ දේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පිටත රැස්ව සිටියදී බවයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී, බ්‍රහස්පතින්දා (ජූලි 10) ඊශ්‍රායල ප්‍රහාරවලින් වාර්තා වූ මරණ 66 දෙනා අතර මොවුන් ද වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top