හිටපු බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු ඊශ්‍රායල (Israel) විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 600ක පමණ පිරිසක්, ගාසා තීරයේ (Gaza) යුද්ධය වහාම අවසන් කරන ලෙස ඊශ්‍රායලයට බලපෑම් කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට (Donald Trump) ලිඛිතව ඉල්ලා තිබෙනවා.
හමාස් සමඟ පැවති සටන් විරාම සාකච්ඡා ඇනහිට ඇති බැවින් නෙතන්යාහු ගාසා තීරයේ හමුදා මෙහෙයුම් පුළුල් කිරීමට උත්සාහ කරන බවට වාර්තා පළ වන අතරතුර මෙම ඉල්ලීම සිදු විය. 2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයේ විනාශකාරී යුද්ධයක් දියත් කළ අතර, එහිදී 1,200ක් පමණ මිය ගිය අතර 251ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන යන ලදී.
එතැන් පටන් ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම හේතුවෙන් 60,000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.