ගාසා තීරයේ (Gaza) පුද්ගලයන් සඳහා වූ සියලුම සංචාරක වීසා (visitor visas) නිකුත් කිරීම එක්සත් ජනපදය (US) විසින් අත්හිටුවා ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව (State Department) සෙනසුරාදා (අගෝස්තු 16) ප්‍රකාශ කර ඇත.
මෙම තීරණය ගනු ලැබ ඇත්තේ, මෑත දිනවලදී තාවකාලික වෛද්‍ය-මානුෂීය වීසා (temporary medical-humanitarian visas) කුඩා සංඛ්‍යාවක් නිකුත් කිරීමට භාවිතා කළ ක්‍රියාවලිය සහ ක්‍රියා පටිපාටි පිළිබඳ සම්පූර්ණ සහ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීම සඳහා බවයි. මෙය සාමාන්‍යයෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් මානුෂීය අවශ්‍යතා සඳහා කෙටි කාලීන ඇමරිකානු සංචාර සඳහා පුද්ගලයන්ට අවසර දෙන වීසා බලපත්‍ර වර්ගයක් වේ.
ඇමරිකාව මෙම තීරණයට එළඹුණේ, පලස්තීන කලාපයේ පවතින උග්‍ර මානුෂීය අර්බුදය සහ සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම මධ්‍යයේ වීම විශේෂත්වයකි. යුද්ධය සහ අවහිර කිරීම් හේතුවෙන්, බොහෝ ගාසා වැසියන් අත්‍යවශ්‍ය වෛද්‍ය සේවා ලබා ගැනීමට අරගල කරන අතර, ඒ සඳහා විදේශයන්ට යාමට උත්සාහ කරති.
මෙම තහනම කෙටි කාලීන ක්‍රියාමාර්ගයක්ද නැතහොත් එය දීර්ඝ කාලයක් පවතිනු ඇතිද යන්න පිළිබඳව පැහැදිලි නැත. එමෙන්ම, මෙම තීරණයට ගාසා තීරයේ සිටින ඇමරිකානු පුරවැසියන්ට හෝ වෙනත් රටවල පුරවැසියන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳවද තොරතුරු සඳහන් නොවේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.