ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලේ අධ්‍යක්ෂ, ආචාර්ය මර්වන් සුල්තාන් (Dr. Marwan Sultan), ගාසා නගරයේ පිහිටි සිය නිවසට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිය පවුලේ සාමාජිකයන් සමඟ ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඥාතීන් පවසා තිබේ. තමන් “ප්‍රධාන ත්‍රස්තවාදියෙකුට” ඉලක්ක කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළද, සිවිල් වැසියන්ට හානි සිදුවී ඇත්දැයි සොයා බලන බව ද සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ඔහුගේ දියණිය පැවසුවේ මිසයිලය වැදුණේ ඔහුගේ කාමරයට පමණක් බවයි.
මේ අතර තවත් ප්‍රහාරයකින්, “ආරක්ෂිත කලාපයක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අල්-මාවාසි (al-Mawasi) හිදී ළමුන් ඇතුළු අවම වශයෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.ප්‍රදේශවාසීන් පැවසුවේ, ඔවුන්ගේ කූඩාරමකට ප්‍රහාරය එල්ල වන විට ඔවුන් නිදා සිටි බවයි.
ගාසා තීරයේ එල්ල වූ තවත් ප්‍රහාර මාලාවකින් පැය 24ක් තුළ පුද්ගලයන් 139කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තාවේ.පවතින දැඩි උණුසුම හේතුවෙන් ජලය හෝ විදුලිය නොමැතිව කූඩාරම්වල සිටින පවුල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර එල්ල වන්නේ, 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් මිය යාමෙන් පසුවය. එතැන් සිට මේ දක්වා, ළමුන් 15,000ක් ඇතුළුව 57,000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.