ගාසා තීරයේ සිටින සියලුම පලස්තීනුවන් එම භූමියේ දකුණු ප්‍රදේශයේ කඳවුරකට ගෙන යාම සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සිය හමුදාවට උපදෙස් දී ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) පවසා ඇත්තේ පලස්තීනුවන් 600,000ක් පමණ සහ අවසානයේ මුළු මිලියන 2.1ක ජනගහනය රෆා (Rafah) නගරයේ නටබුන් මත මානුෂීය නගරයක් පිහිටුවීමට තමා අපේක්ෂා කරන බවයි. ඔහු පැවසුවේ, හමාස් ක්‍රියාකරුවන් නොවන බවට සහතික වීම සඳහා ආරක්ෂක පරීක්ෂාවකින් පසු මිනිසුන් ඇතුළට ගෙන ඒම අරමුණ බවත්, ඔවුන්ට පිටව යාමට අවසර නොලැබෙන බවත්ය.
ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) පශ්චාත් යුධ ගාසා තීරය ඇමරිකාව විසින් භාරගෙන එහි ජනගහනය ස්ථිරවම වෙනත් තැනක පදිංචි කිරීමේ යෝජනාව පිළිබඳව කතා කල බව වාර්තා වේ.
ඊශ්‍රායලය සහ හමාස් සාකච්ඡා කිරීමට උත්සාහ කරන දින 60ක සටන් විරාමයක් අතරතුර ඉදිකිරීම් ආරම්භ කරනු ඇති බව කැට්ස් වැඩිදුරටත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.