ජ්‍යෙෂ්ඨ යුක්‍රේන බුද්ධි අංශ නිලධාරියෙකු කියෙව් (Kyiv) හිදී දහවල් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව බලධාරීන් පවසා තිබෙනවා. යුක්‍රේන ආරක්ෂක සේවයේ (SBU) නියෝජිතයා, හඳුනා නොගත් ප්‍රහාරකයෙකු විසින් ළං වීමෙන් පසු, මෝටර් රථ අංගනයකදී කිහිප වතාවක්ම වෙඩි තබා ඇති අතර, පසුව ප්‍රහාරකයා එම ස්ථානයෙන් පලා යන අයුරු සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරනවා.
ඔත්තු සේවය විසින් වින්දිතයා හඳුනාගෙන නොමැති අතර, යුක්‍රේන මාධ්‍ය ආයතන ඔහුව කර්නල් අයිවන් වොරොනිච් (Colonel Ivan Voronych) ලෙස නම් කර ඇත.
SBU ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර ආරක්ෂාව සහ ප්‍රති-ඔත්තු සේවාවන් සමඟ කටයුතු කරයි. එය එක්සත් රාජධානියේ MI5 ට සමාන වේ. නමුත් 2022 දී රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණය ආරම්භ වූ දා සිට, එය රුසියාව තුළ සිදුවූ ඝාතන සහ කඩාකප්පල්කාරී ප්‍රහාරවලදී ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.