කැනඩා රජය, චීන නිරීක්ෂණ කැමරා නිෂ්පාදක Hikvision සමාගමට කැනඩාවේ සිය මෙහෙයුම් අත්හිටුවන ලෙස නියෝග කර තිබෙනවා. ඒ, ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවට සඳහන් කරමින්. මෙම නිවේදනය කර්මාන්ත අමාත්‍ය මෙලනි ජොලී (Mélanie Joly) විසින් සිදුකරන ලදී.
විධිමත් ලෙස හැඳින්වෙන්නේ හැන්ෂූ හික්විෂන් ඩිජිටල් ටෙක්නොලොජි සමාගම (Hangzhou Hikvision Digital Technology Co) (002415.SZ) ලෙසයි. මෙම සමාගම පසුගිය වසර කිහිපය තුළ උතුරු අමෙරිකාවේ පරීක්ෂාවට ලක්ව තිබුණා. චීනයේ ෂින්ජියැං (Xinjiang) ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ බවට චෝදනා කරමින් එක්සත් ජනපදය විසින් දැනටමත් සමාගමට බහුවිධ සම්බාධක සහ සීමා පනවා ඇත.
“Hikvision Canada Inc හි කැනඩාවේ අඛණ්ඩ මෙහෙයුම් කැනඩාවේ ජාතික ආරක්ෂාවට අහිතකර බව රජය තීරණය කර තිබෙනවා,” යනුවෙන් අමාත්‍ය ජොලී සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ ප්‍රකාශ කර ඇත. කැනඩාවේ ආරක්ෂක සහ බුද්ධි අංශ සම්බන්ධ කර ගනිමින් සිදු කරන ලද සවිස්තරාත්මක සමාලෝචන ක්‍රියාවලියකින් පසුව මෙම තීරණය ගත් බවද ඇය සඳහන් කළා.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.