සාම සාකච්ඡා වලින් පසුව, කාම්බෝජය (Cambodia) සහ තායිලන්තය (Thailand) කොන්දේසි විරහිතව සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.
මෙම සටන් විරාමය දේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මැලේසියානු නායක අන්වර් ඉබ්‍රාහිම් (Anwar Ibrahim) පැවසූ අතර, “මෙය උග්‍රවීමක් නැවැත්වීමටත් සාමය සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමටත් අත්‍යවශ්‍ය පළමු පියවරක්” බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් වොෂින්ටනය (Washington) සමඟ ඔවුන්ගේ අදාළ වෙළඳ සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසියක් ලෙස දෙරටට සටන් විරාමයකට එකඟ වන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව මෙම සාකච්ඡා පැවැත්වුනි.
මාස ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාවයන්ගෙන් පසුව, ජූලි 24 වන දින සටන් උත්සන්න වීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් ඇති අතර, දහස් ගණනක් අවතැන් වී තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.