දින කිහිපයකට පෙර දෙරට අතර ඇති කරගත් සටන් විරාමය උල්ලංඝනය කළ බවට තායිලන්තය (Thailand) කාම්බෝජයට (Cambodia) චෝදනා කර තිබෙනවා. මෙම දේශසීමා ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 33 දෙනෙකු මියගොස් ඇති අතර, දහස් ගණනක් අවතැන් වී සිටිනවා.
තායි හමුදාව පවසන්නේ, මධ්‍යම රාත්‍රියෙන් පසු වෙඩි තැබීම් නැවැත්වූ නමුත්, අද උදෑසන වන තෙක්ම ස්ථාන කිහිපයකින් කාම්බෝජ පාර්ශ්වයෙන් වෙඩි තැබීම් දිගටම ලැබුණු බවයි. කෙසේ වෙතත්, කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ, සටන් විරාමය මධ්‍යම රාත්‍රියේ ආරම්භ වූ දා සිට දෙපාර්ශ්වය අතර කිසිදු සන්නද්ධ ගැටුමක් සිදු නොවූ බවයි.
දකුණු ආසියානු රටවල් දෙක අතර සියවස් ගණනක් පැරණි ආරවුල් සහිත දේශසීමාව පිළිබඳ නොසන්සුන්තාවයන්, මැයි මාසයේදී කාම්බෝජ සොල්දාදුවෙකු ගැටුමකින් මිය යාමත් සමඟ උත්සන්න විය.
පසුගිය සතියේ තායි සොල්දාදුවන් පස් දෙනෙකු බිම්බෝම්බ පිපිරීමකින් තුවාල ලැබීමෙන් පසු එය පූර්ණ පරිමාණ ගැටුමක් දක්වා වර්ධනය විය. තායිලන්තය සිය දේශසීමා හරස් මාර්ග කිහිපයක් වසා දමා, කාම්බෝජ තානාපතිවරයා නෙරපා හැර, සිය තානාපතිවරයා ෆ්නොම් පෙන් (Phnom Penh) නැවත කැඳවා ගැනීමට කටයුතු කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.