ඖෂධ සැපයුම් දාමය බිඳ වැටීම හේතුවෙන්, බොට්ස්වානා (Botswana) මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බලධාරීන් පවසා ඇත්තේ, රජයේ අරමුදල් හිඟ වීම සහ එක්සත් ජනපදයෙන් ලැබෙන ආධාර කපා හැරීම මෙයට ප්‍රධාන හේතුව බවයි.
සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යාංශය මේ මාසය මුලදී අනතුරු අඟවා ඇත්තේ, පෞද්ගලික සෞඛ්‍ය පහසුකම් සහ සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 75ක් ගෙවීමට ඇති බැවින් සෞඛ්‍ය පද්ධතිය දරුණු ලෙස අඩාල වී ඇති බවයි. අධි රුධිර පීඩනය, පිළිකා, දියවැඩියාව, ක්ෂය රෝගය, ඇදුම, මානසික සහ ලිංගික සෞඛ්‍ය ඇතුළු රෝග ගණනාවක් සඳහා ඖෂධ හිඟයක් පවතින බවත්, තෝරාගත් ශල්‍යකර්ම කල් දමා ඇති බවත් අමාත්‍යාංශය පවසා ඇත.
ජනාධිපති ඩුමා බෝකෝ (Duma Boko) පවසා ඇත්තේ, ඖෂධවල වර්තමාන මිල බොහෝ විට පහේ සිට දස ගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, පවතින ආර්ථික තත්ත්වය යටතේ මෙම තත්ත්වය තිරසාර නොවන බවත්ය. මේ වනවිට හමුදාවේ අධීක්ෂණය යටතේ ඖෂධ බෙදා හැරීම සිදු කෙරෙන බවත්, මූලික වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන බවත් වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.