ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර විශාලතම ආරක්ෂක ගිවිසුමට අත්සන් තබයි

ඕස්ට්‍රේලියාවේ (Australia) නාවික හමුදාව සඳහා නවීන යුධ නෞකා නිෂ්පාදනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ජපානය (Japan) අතර මෙතෙක් පැවති විශාලතම ආරක්ෂක-කර්මාන්ත ගිවිසුමකට එළැඹ ඇති බව ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් (Richard Marles) පවසයි.

ජපානයේ මිත්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් (Mitsubishi Heavy Industries) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මොගාමි (Mogami) පන්තියේ යුධ නෞකා 11කින් ඕස්ට්‍රේලියාව සිය නාවික හමුදාව යාවත්කාලීන කරනු ඇති බව මාල්ස් පැවසීය. ඕස්ට්‍රේලියානු බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ABC) වාර්තා කළේ, මෙම කොන්ත්‍රාත්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 10ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් පමණ) වටිනා බවයි.

මොගාමි පන්තියේ යුධ නෞකා යනු දිගු දුර මිසයිල දියත් කළ හැකි නවීන ස්ටෙල්ත් යුධ නෞකා (stealth frigates) වන අතර, ඒවායේ මෙහෙයුම් පරාසය නාවික සැතපුම් 10,000ක් (කිලෝමීටර 18,520ක්) දක්වා වේ. ඕස්ට්‍රේලියාවේ දැනට පවතින ඇන්සාක් (Anzac) පන්තියේ යුධ නෞකාවල පරාසය නාවික සැතපුම් 6,000ක් (කිලෝමීටර 11,112ක්) පමණ වේ.

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක කර්මාන්ත අමාත්‍ය පැට් කොන්රෝයි (Pat Conroy) පවසා ඇත්තේ, මෙමගින් සාමාන්‍ය භාවිත යුධ නෞකාවලට ගුවන් ආරක්ෂක මිසයිල 32ක් දියත් කිරීමේ සිට මිසයිල 128ක් දියත් කිරීම දක්වා හැකියාව වැඩි දියුණු කරන බවත්, ඒ සඳහා නාවිකයින්ට අවශ්‍ය නවීනතම ආයුධ සහ සටන් පද්ධති ලබා දෙන බවත්ය.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top