ඕස්ට්‍රේලියාව (Australia) ලබන වසරේදී විදේශීය සිසුන් (foreign students) සඳහා වන සීමාව 9%කින් ඉහළ දමා 295,000ක් බවට පත් කරන බවත්, අග්නිදිග ආසියාවෙන් (Southeast Asia) පැමිණෙන අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් රජය ප්‍රකාශ කර ඇත.
ගෙවල් මිල ඉහළ යෑමට හේතු වූ වාර්තාගත සංක්‍රමණය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස පසුගිය වසරේදී සිසුන්ගේ ප්‍රමාණයට සීමාවන් පැනවූ අතර, 2025 සඳහා සිසුන් 270,000කට ඉඩ ලබා දී තිබුණා. පාලනයෙන් බැහැර වූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සාර්ථකව පහත හෙළූ නිසා, 2026 දී අමතර 25,000කට අවස්ථාව ලබා දෙන බව රජය පැවසුවා.
COVID-19 වසංගතයෙන් පසු ජාත්‍යන්තර සිසුන් වාර්තාගත සංඛ්‍යාවකින් රටට පැමිණීමත් සමඟ, 2023 මූල්‍ය වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සිසුන් සඳහා වීසා බලපත්‍ර 600,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබුණා. ඕස්ට්‍රේලියාවේ වැඩිම සිසුන් පිරිසක් පැමිණෙන්නේ චීනයෙන් (China) සහ ඉන්දියාවෙන් (India).
සංඛ්‍යාවට සීමාවක් පැනවීමත් සමඟ, රජය 2024 දී විදේශීය සිසුන් සඳහා වීසා ගාස්තුව දෙගුණ කළ අතර, ඔවුන්ගේ රැඳී සිටීම අඛණ්ඩව දීර්ඝ කිරීමට ඉඩ සලසන නීතිවල අඩුපාඩු වසා දැමීමට ද පොරොන්දු වී තිබුණි. රජයේ සංක්‍රමණය පාලනය කිරීමේ පියවර ඵල දරමින් සිටින බවත්, 2026 දී සීමාව සාමාන්‍ය ප්‍රමාණයකින් ඉහළ නැංවීමට එය ඉඩ සලසන බවත් ජාත්‍යන්තර අධ්‍යාපන සහකාර අමාත්‍ය ජූලියන් හිල් (Julian Hill) පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.