ඕස්ට්‍රේලියාව ඉරාන තානාපතිවරයා නෙරපයි

ඉරානය (Iran) විසින් ඕස්ට්‍රේලියාවේ (Australia) යුදෙව්-විරෝධී (antisemitic) ප්‍රහාර දෙකක් මෙහෙයවූ බවට චෝදනා කරමින්, ඕස්ට්‍රේලියාව ඉරාන තානාපතිවරයා නෙරපා හැර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) පවසා ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ දේශීය ඔත්තු සේවාව වන ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය (ASIO), පසුගිය වසරේ මෙල්බර්න් සහ සිඩ්නි (Melbourne and Sydney) හි යුදෙව් ස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාර පිටුපස ඉරානය සිටින බවට විශ්වාසනීය බුද්ධි තොරතුරු සතුව ඇති බවයි.

ඉරාන තානාපතිවරයා නෙරපා හැරීමට අමතරව, ඕස්ට්‍රේලියාව ඉරානයේ සිය තානාපති කාර්යාලය වසා දමා ඇති බවත්, සියළුම රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනටමත් රටෙන් පිටව ගොස් ඇති බවත් ඇල්බනීස් පවසා ඇත. ඊට අමතරව, ඉරානයේ උත්තරීතර නායකයාට පක්ෂපාතී ප්‍රභූ හමුදා බලකායක් වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (Islamic Revolutionary Guard Corps – IRGC) ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ද පියවර ගන්නා බව ඔහු පවසා ඇත.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඕස්ට්‍රේලියාව තානාපතිවරයෙකු නෙරපා හැරියේ පළමු වතාවට බව විදේශ අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු NBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top