ඕස්ට්‍රේලියාව සිය මෙතෙක් පැවති විශාලතම හමුදා අභ්‍යාසය වන “ටලිස්මන් සේබර්” (Talisman Sabre) ආරම්භ කර තිබේ. එක්සත් ජනපදය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය ඇතුළු රටවල් 19 ක භට පිරිස් 35,000 කට අධික සංඛ්‍යාවක් මෙයට සහභාගී වේ.
මෙම මහා පරිමාණ අභ්‍යාසය සති තුනක් පුරා ඕස්ට්‍රේලියාව පුරා සහ පළමු වතාවට පැපුවා නිව්ගිනියාවේද පැවැත්වෙන අතර, මෙය චීන නිරීක්ෂණ නෞකා වල අවධානය දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර පැවති අභ්‍යාස ද ඔවුන් විසින් නිරීක්ෂණය කර තිබේ. අවශ්‍ය වුවහොත් මෙහෙයුම් වෙනස් කරන බව ඕස්ට්‍රේලියාව පවසන නමුත්, අභ්‍යාස දිගටම පවත්වනු ඇත.
මෙම අභ්‍යාසය ආරම්භ වූයේ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් චීනයේ සංචාරයක නිරත වන අවස්ථාවේදීය. කෙසේ වෙතත්, ඔහු චීන නිරීක්ෂණ ගැටලුව සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා නොකරන බව ප්‍රකාශ කර තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.