ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් මාළු හැඩැති සෝයා සෝස් බෝතල් තහනම් කරයි

ඕස්ට්‍රේලියාවේ (Australia) දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය විසින්, තනි භාවිත ප්ලාස්ටික් භාණ්ඩ තහනම් කිරීමේ පුළුල් සැලැස්මක කොටසක් ලෙස, මාළු හැඩැති සෝයා සෝස් (soy sauce) බෝතල් තහනම් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම ජනප්‍රිය බෝතල්, ආසියානු අවන්හල් සහ ටේක්අවේ (takeaway) ආයතන වල සුලභව දැකිය හැකි අතර, සැප්තැම්බර් 1 සිට දකුණු ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථානවල ඒවා විකිණීම හෝ බෙදා හැරීම තහනම් කෙරේ.

දකුණු ඕස්ට්‍රේලියාවේ පරිසර අමාත්‍යවරිය වන සුසාන් ක්ලෝස් (Susan Close) පවසා ඇත්තේ, “සෑම මාළු හැඩැති බෝතලයක්ම භාවිතා කරන්නේ තත්පර කිහිපයක් පමණක් වන අතර, එය පරිසරයේ දශක ගණනාවක් හෝ සියවස් ගණනාවක් ඉතිරිව පවතී” යනුවෙනි.

සෝයා සෝස් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් වලින් සෑදුවද, ඒවායේ කුඩා ප්‍රමාණය හේතුවෙන් ඒවා නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලියට යටත් නොවේ. මේ නිසා බොහෝ විට ඒවා ප්‍රතිචක්‍රීකරණය නොවේ. 1954 දී ජපානයේ ටෙරූඕ වටනබේ (Teruo Watanabe) විසින් සොයාගන්නා ලද මෙම මාළු හැඩැති බෝතල්, ප්ලාස්ටික් භාවිතයට පෙර සෙරමික් හෝ වීදුරු වලින් සාදා ඇත. කෙසේ වෙතත්, නව තහනමෙන් විශාල සෝයා සෝස් බෝතල් හෝ පැකට් වලට බලපෑමක් සිදු නොවේ.

ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ, පියවර නොගතහොත් සාගරයට වාර්ෂිකව එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණය 2040 වන විට වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 29ක් දක්වා තුන් ගුණයකින් වැඩි විය හැකි බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top