ඕස්ට්‍රේලියානු ළමා සුරැකුම් සේවකයෙකුට ලිංගික අපරාධ චෝදනා: ළමුන් 1,200ක් පරීක්ෂාවට

මාස පහේ සිට අවුරුදු දෙක දක්වා වයස් කාණ්ඩවලට අයත් ළමුන් අට දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා 70කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ හිටපු ළමා සුරැකුම් සේවකයෙකු වන 26 හැවිරිදි ජෝෂුවා ඩේල් බ්‍රවුන් (Joshua Dale Brown) ට චෝදනා එල්ල වී ඇත.

බ්‍රවුන් 2017 සිට 2025 දක්වා කාලය තුළ මෙල්බර්න් නගරය පුරා විවිධ පෙර පාසල් 20ක සේවය කර ඇති අතර, මෙම චෝදනාවලින් පසුව, බෝවන රෝගවලට “විය හැකි නිරාවරණයක්” හේතුවෙන් ළමුන් 1,200ක් පමණ පරීක්ෂා කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා ඇත.

ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී ක්‍රිස්ටියන් මැක්ග්‍රාත් (Christian McGrath) පැවසුවේ, මෙම රෝග ප්‍රතිජීවක ඖෂධ මගින් පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි වුවද, නිශ්චිත රෝග නම් කර නොමැති බවයි.  ප්‍රාන්ත ප්‍රීමියර් ජැසින්තා ඇලන් (Jacinta Allan) ප්‍රකාශ කලේ, මෙම අපරාධය ඉතා කම්පන සහගත සහ පීඩාකාරී එකක් බවයි.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top