චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) ප්‍රකාශ කර ඇත්තේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති සබඳතා වෙනස් වී ඇති බවයි. ගෝලීය වශයෙන් පවතින නොසන්සුන්තා හමුවේ දෙරට සංවාදය අවධාරණය කරමින් වෙළඳාම ස්ථාවර කිරීමට උත්සාහ කරන බවද ඔහු සඳහන් කර ඇත.
චීනයේ ප්‍රධානතම වෙළඳ හවුල්කරු වන ඕස්ට්‍රේලියාව සමඟ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි අල්බනීස් (Anthony Albanese) චීනයේ දින හයක සංචාරයක නිරත වී සිටියි. අඟහරුවාදා බීජිං හි මහා ජනතා ශාලාවේදී (Great Hall of the People) අල්බනීස් අගමැතිවරයා පිළිගනිමින් ෂී ජින්පිං මෙම අදහස් පළ කළ බව වාර්තා වේ. මෙය අල්බනීස්ගේ අගමැති ධුරය යටතේ චීනයේ දෙවන සංචාරයයි.
පසුගිය දශකය තුළ බීජිං සහ කැන්බරා (ඕස්ට්‍රේලියාව) අතර සබඳතා කැළඹිලි සහිත වී ඇත. ජාතික ආරක්ෂාව සහ විශාල පැසිෆික් කලාපය පුරා ඇති තරඟකාරී අවශ්‍යතා පිළිබඳව නැවත නැවතත් ඇති වූ එකඟ නොවීම් මෙම කාල පරිච්ඡේදය සනිටුහන් කළේය. 2017 සිට දෙරට අතර පැවති හානිකර වෙළඳ යුද්ධය අවසන් කිරීමට තිබූ අවසාන බාධාව ඉවත් කරමින්, චීනය ඕස්ට්‍රේලියානු රොක් ලොබ්ස්ටර් (rock lobster) ආනයනයට පනවා තිබූ තහනම දෙසැම්බර් මාසයේදී ඉවත් කිරීමත් සමඟ සබඳතා වැඩිදියුණු විය.
ඕස්ට්‍රේලියාවේ අදහස් හා අවශ්‍යතා ඉදිරිපත් කිරීමට ලැබුණු අවස්ථාව තමා සාදරයෙන් පිළිගන්නා බව අල්බනීස් පවසා ඇත.ඕස්ට්‍රේලියාවේ මධ්‍ය-වාමාංශික කම්කරු රජයේ නායකයා වන අල්බනීස්, “ඕස්ට්‍රේලියාව චීනය සමඟ අපගේ සම්බන්ධතාව අගය කරන අතර, අපගේ ජාතික අවශ්‍යතා මඟ පෙන්වීම යටතේ සන්සුන් හා ස්ථාවර ආකාරයකින් එය දිගටම පවත්වාගෙන යනු ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.