එලෝන් මස්ක්ට ඩොලර් බිලියන 29ක වටිනාකමකින් යුත් ටෙස්ලා කොටස්

ටෙස්ලා (Tesla) සමාගම, එහි ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් (Elon Musk) සමාගමේ රඳවා ගැනීම සඳහා ඩොලර් බිලියන 29ක් (පවුම් බිලියන 21.7ක්) වටිනා කොටස් ප්‍රදානය කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ, ඔහුගේ 2018 වසරේ ඩොලර් බිලියන 50කට අධික වැටුප් පැකේජය කොටස් හිමියන්ට අසාධාරණ බවට තීරණය කරමින් එක්සත් ජනපද අධිකරණයක් විසින් එය අවලංගු කිරීමෙන් පසුවය.

මස්ක් 2024 දී ඩෙලවෙයාර් (Delaware) අධිකරණයේ තීරණයට එරෙහිව අභියාචනා කරමින් සිටින අතර, ටෙස්ලා කොටස් හිමියන්ට පැවසුවේ, විශේෂයෙන් AI (artificial intelligence) වත්මන් සමාජයේ ශීඝ්‍රයෙන් ඉහල යමින් පවතින බැවින්, ඩොලර් බිලියන 29ක කොටස් එලෝන් ට ටෙස්ලා හි රැඳී සිටීමට දිරිගැන්වීමට උපකාරී වනු ඇති බවට විශ්වාස බවයි.

මෝටර් රථ නිෂ්පාදකයාගේ මණ්ඩලය පවසා ඇත්තේ, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම වැටුප් ගනුදෙනුව වනු ඇති, ඩොලර් බිලියන 56ක් වටිනා ගිවිසුම මස්ක්ට ලබා දීමට බලාපොරොත්තු වන බවයි. මස්ක් ටෙස්ලාගේ වෙළඳපල වටිනාකම, විකුණුම් සහ යටි ලාභ වැනි ඇතැම් සන්ධිස්ථානවලට ළඟා නොවන්නේ නම්, ඔහුට කිසිදු මුදලක් නොලැබෙන පරිදි මෙම ගනුදෙනුව සකස් කර තිබී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top