‘එරින්’ (Erin) සුළි කුණාටුව (Hurricane) කැරිබියන් (Caribbean) දූපත් සමූහය දෙසට ගමන් කරමින් සිටින අතර, එය තුන්වන කාණ්ඩයේ (category three) සුළි කුණාටුවක් දක්වා දුර්වල වී ඇති බව වාර්තා වේ.
සෙනසුරාදා (අගෝස්තු 16) රාත්‍රියේදී පැයට සැතපුම් 160ක් (පැයට කිලෝමීටර 260ක්) දක්වා වේගයකින් හමා ගිය සුළං සමඟ එය පස්වන කාණ්ඩයේ (category five) දුර්ලභ සුළි කුණාටුවක් බවට පත් විය. කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ එහි තීව්‍රතාවය (intensity) වෙනස් විය හැකි බව කාලගුණ විද්‍යාඥයින් අපේක්ෂා කරයි.
අවස්ථාවෙන් අවස්ථාවට ඇතිවන ගංවතුර (flash flooding) සහ නාය යෑම් (landslides) ඇතුළුව, සුළි කුණාටුව ආශ්‍රිත අනතුරු වර්ජින් දූපත් (Virgin Islands) සහ පුවර්ටෝ රිකෝවේ (Puerto Rico) අපේක්ෂා කෙරේ.
2025 අත්ලාන්තික් කලාපයේ (Atlantic season) පළමු සුළි කුණාටුව වන එරින්, එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කර නැත. එරින් සෙනසුරාදා දින කැරිබියන් දෙසට වේගයෙන් ගමන් කරද්දී, වේගවත් තීව්‍ර වීමකට ලක් වූ බවත්, සිකුරාදා වන විට නිවර්තන කුණාටුවක ශක්තියෙන් වර්ධනය වී පිපිරෙනසුළු ලෙස ගැඹුරු වී තීව්‍ර වී ඇති බවත් ඇමරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයේ (NHC) අධ්‍යක්ෂ මයික් බ්‍රෙනන් (Mike Brennan) පවසා ඇත.
දැනට මෙම සුළි කුණාටුව පැයට සැතපුම් 125ක් දක්වා වූ සුළං සමඟ පුවර්ටෝ රිකෝ සහ ඩොමිනිකන් ජනරජයේ (Dominican Republic) උතුරින් ගමන් කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.