නෙට්ෆ්ලික්ස් හි විකාශය වූ “ඇඩොලසන්ස්” (Adolescence) නම් කෙටි කතා මාලාවේ රංගනයෙන් දායක වූ 15 හැවිරිදි ඕවන් කූපර් (Owen Cooper), 77 වන ප්‍රයිම් ටයිම් එමී සම්මාන උළෙලේදී එමී සම්මානයක් දිනූ ලාබාලතම පිරිමි නළුවා බවට පත් වී ඇත.
මෙම මනෝවිද්‍යාත්මක නාට්‍යය හොඳම කෙටි කතා මාලාව ඇතුළුව සම්මාන හයක් දිනා ගනිමින් සම්මාන උළෙලේ ආධිපත්‍යය ඉසිලීය.
එමී සම්මාන හතරක් දිනාගත් සේත් රොගන්ගේ (Seth Rogen) ප්‍රහසන කතා මාලාවක් වන “ද ස්ටූඩියෝ“ (The Studio) කතා මාලාවේ රඟපෑම වෙනුවෙන් ඔහු හොඳම ප්‍රධාන නළුවාට හිමි සම්මානය දිනා ගෙන ඇත.
“සෙවරන්ස්” (Severance) සහ “ද වයිට් ලෝටස්” (The White Lotus) වැනි ජනප්‍රිය කතා මාලා අභිබවා යමින් “ද පිට්” (The Pitt) හොඳම නාට්‍යයට හිමි සම්මානය දිනා ගෙන ඇත. “සෙවරන්ස්” කතා මාලාවේ රඟපෑම වෙනුවෙන් ට්‍රැමෙල් ටිල්මන් (Tramell Tillman) සහ බ්‍රිට් ලෝවර් (Britt Lower) ප්‍රධාන සම්මාන දෙකක් දිනා ගන්නා ලදී.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.