එක්සත් රාජධානිය වසර 108කට පසු පලස්තීන රාජ්‍යය පිළිගනී

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පෙර, බ්‍රිතාන්‍යය නිල වශයෙන් පලස්තීන රාජ්‍යය පිළිගෙන තිබේ. කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ පෘතුගාලය වැනි රටවල් ද මෙම තීරණයට එක්වී සිටී. අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් ප්‍රකාශ කළේ, මෙම තීරණය 1917 බැල්ෆෝර් ප්‍රකාශනයෙන් සියවසකට පසු සාමය සහ රාජ්‍ය දෙකක විසඳුමක් සඳහා වූ බලාපොරොත්තු සුරැකීම අරමුණු කරගත් බවයි.

ගාසා තීරයේ පවතින දරුණු තත්ත්වය හමුවේ මෙම තීරණය ගැනීම විශේෂත්වයකි. ස්ටාමර් අවධාරණය කළේ, මෙමගින් හමාස් සංවිධානයට බලය නොලැබෙන බවත්, එය ත්‍රස්තවාදී සංවිධානයක් බවත්ය. නමුත් මෙය පලස්තීන ජනතාවගේ ස්වයං-නිර්ණ අයිතිය තහවුරු කිරීමක් බව ඔහු පැවසීය. විදේශ ලේකම් යෙවෙට් කූපර් කියා සිටියේ, බ්‍රිතාන්‍යයේ ස්ථාවර කැපවීම මෙම තීරණයෙන් පිළිබිඹු වන බවයි.

පලස්තීන නිලධාරීන් මෙම පියවර අගය කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලයිලා මොරන් මෙය දශක ගණනාවක් පැවති අසාධාරණයක් නිවැරදි කිරීමක් ලෙස හැඳින්වූවාය. කෙසේ වෙතත්, ඊශ්‍රායලය මෙම පිළිගැනීම දැඩි ලෙස හෙළා දුටුවේය. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙය හමාස් සංවිධානයට දෙන ත්‍යාගයක්”ලෙස හඳුන්වමින්, ජෝර්දාන් ගඟට බටහිරින් පලස්තීන රාජ්‍යයක් ඇති කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥා දුන්නේය.

මෙම තීරණය, ප්‍රංශය සහ සෞදි අරාබිය එක්සත් ජාතීන්ගේ සමුළුවක් සඳහා සූදානම් වන මොහොතක, ඊශ්‍රායලය සිය ඈඳා ගැනීමේ සැලසුම් ඉදිරියට ගෙන යන තත්ත්වයක් තුළ, ජාත්‍යන්තර වශයෙන් මතභේදයක් ඇතිකර තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top