අගෝස්තු බැංකු නිවාඩු දිනයේදී (Bank holiday Monday) එක්සත් රාජධානියේ සමහර ප්‍රදේශවලට 30°C දක්වා උෂ්ණත්වයක් සහිත හිරු එළිය ලැබෙනු ඇති බවත්, ඉන්පසු සතිය තුළ තද සුළං සහ වැසි ඇති වන බවත් කාලගුණ අනාවැකි මගින් පෙන්නුම් කර ඇත.
අධිකම උෂ්ණත්වය මිඩ්ලන්ඩ්ස් (Midlands) ප්‍රදේශයේ අපේක්ෂා කරන අතර, වේල්සය (Wales) සිය ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම අගෝස්තු බැංකු නිවාඩු දිනයක් අත්විඳීමට ඉඩ තිබෙනවා. මෙම උෂ්ණත්වය, 1991 දී Crossway හිදී වාර්තා වූ 26.5°Cක වාර්තාව අභිබවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සඳුදා (අගෝස්තු 25) ලන්ඩනයේ නොටින් හිල් කානිවල් (Notting Hill Carnival) සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන මිලියන දෙකක ජනතාවට සහ රීඩිං සහ ලීඩ්ස් (Reading and Leeds) උත්සවවලට සහභාගී වන අයට ද උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකිය.
කෙසේ වෙතත්, අඟහරුවාදා වන විට, කලින් ඇති වූ ‘එරින්’ සුළි කුණාටුවේ (hurricane Erin) අවශේෂ මගින්, මුලින්ම උතුරු අයර්ලන්තයටත් පසුව එක්සත් රාජධානිය පුරාත් අයහපත්, තෙත් සහ සුළං සහිත තත්ත්වයන් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අඟහරුවාදා එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල කාලගුණය සිසිල් වීමට පටන් ගත්තද, එංගලන්තයේ නැගෙනහිර ප්‍රදේශවලට 26°Cක උෂ්ණත්වයක් සහිත උණුසුම තවත් දිනක් රඳවා ගැනීමට අපේක්ෂා කෙරෙන බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.