එක්සත් රාජධානියේ පළමු ‘සුපිරි විශ්වවිද්‍යාලය’ (Super University) බිහිවෙයි

එක්සත් රාජධානියේ පළමු “සුපිරි විශ්වවිද්‍යාලය” ලෙස, කෙන්ට් විශ්වවිද්‍යාලය සහ ග්‍රිනිච් විශ්වවිද්‍යාලය ඒකාබද්ධ වීමට නියමිත වාර්තා වේ.  ලන්ඩන් සහ සවුත් ඊස්ට් විශ්වවිද්‍යාල සමූහය (London and South East University Group) යන නව නම යටතේ, 2026 සරත් සෘතුවේ ආරම්භ වන වර්ෂයේ සිට මෙම ආයතනය තනි උපකුලපතිවරයෙකු යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මෙම ඒකාබද්ධ වීමට හේතුව, විශ්වවිද්‍යාල මුහුණ දෙන ආර්ථික අභියෝගයන්ට ඔරොත්තු දීම බව විශ්වවිද්‍යාල පවසයි. දැනට එංගලන්තයේ විශ්වවිද්‍යාලවලින් 40%ක් මූල්‍ය හිඟයකින් පෙළෙන බවට විශ්වාස කෙරේ. එංගලන්තයේ උසස් අධ්‍යාපන නියාමකයා වන ඔෆිස් ෆෝ ස්ටුඩන්ට්ස් (OfS) මෙම පියවර පිළිගන්නා අතර, තවත් විශ්වවිද්‍යාල මෙවැනි විකල්පයන් ගැන සලකා බලනු ඇතැයි යෝජනා කර ඇත.

නමුත් විශ්වවිද්‍යාල සහ විද්‍යාල සංගමය (UCU) පවසා ඇත්තේ, මෙම ඒකාබද්ධ වීම හේතුවෙන් සමහර විට සේවක අතිරික්තයන් සිදු වීමට ඉඩ ඇති බවයි. UCU හි මහලේකම් ජෝ ග්‍රේඩි මහත්මිය පවසන්නේ, මෙය ඒකාබද්ධ වීමක් නොව ග්‍රිනිච් විසින් කෙන්ට් විශ්වවිද්‍යාලය අත්පත් කර ගැනීමක් බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top