එක්සත් රාජධානියේ තෙවැනි විශාලතම වානේ කම්හල රජයේ පාලනයට

එක්සත් රාජධානියේ (UK) තුන්වන විශාලතම වානේ කම්හල වන Speciality Steels UK (SSUK) රජයේ පාලනයට නතු වී ඇති අතර, රොදර්හැම් (Rotherham) සහ ෂෙෆීල්ඩ් (Sheffield) හි සේවකයින් 1,500කට ආසන්න පිරිසකගේ අනාගතය අවිනිශ්චිත වී තිබෙනවා.

විවාදාත්මක ව්‍යාපාරිකයෙකු වන සංජීව් ගුප්තාගේ (Sanjeev Gupta) Liberty Steel ලෝහ අධිරාජ්‍යයට අයත් මෙම සමාගමට අය විය යුතු පවුම් මිලියන සිය ගණනක් හේතුවෙන් ණයහිමියන් විසින් ඉල්ලා සිටි අනිවාර්ය ඉවත් කිරීමේ නියෝගයක් (compulsory winding up order) අධිකරණ විසින් ලබා දී තිබෙනවා.

මෙම සමාගම දැන් නිල පත් කළ ඈවර කරන්නෙකු (liquidator) සහ Teneo උපදේශන ආයතනයේ විශේෂ කළමනාකරුවන් අතට පත් වනු ඇත. මිලදී ගන්නෙකු සොයන අතරතුර, කම්හලේ වැටුප් සහ පිරිවැය ආවරණය කිරීමට රජය එකඟ වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top