එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්, රට පුරා අනිවාර්ය ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමයක් හඳුන්වා දීමේ සැලසුම් නිවේදනය කිරීමට සූදානමින් සිටියි. මෙම ක්‍රමය මගින් නීතිවිරෝධී රැකියා මැඩපැවැත්වීමටත්, රාජ්‍ය සේවා යාවත්කාලීන කිරීමටත් උපකාරී වනු ඇති බව රජය පවසයි.
ස්මාර්ට්ෆෝන් හෝ විදේශ ගමන් බලපත්‍ර නොමැති පුද්ගලයින්ට ප්‍රවේශය ලබා දීම වැනි ගැටළු විසඳීම සඳහා මහජන උපදේශනයක් සැලසුම් කර ඇති අතර, මෙම පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවසන් තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
මීට දශකයකට පෙර කොන්සර්වේටිව් – ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යටතේ භෞතික හැඳුනුම්පත් හඳුන්වා දීමට කම්කරු පක්ෂය ගත් උත්සාහයක් අත්හැර දමන ලදී. කෙසේ වෙතත්, ස්ටාමර් පවසන්නේ, වර්තමානයේ ජනතාව දැනටමත් ඩිජිටල් හැඳුනුම්පත් රැගෙන යන බැවින් ආකල්ප වෙනස් වී ඇති බවයි.
නව ඩිජිටල් හැඳුනුම්පත් වත්මන් භෞතික ලේඛන පරීක්ෂාවන් වෙනුවට, පුද්ගලයන්ගේ එක්සත් රාජධානියේ ජීවත් වීමට සහ වැඩ කිරීමට ඇති අයිතිය පරීක්ෂා කිරීමට යොදා ගැනෙනු ඇතැයි වාර්තා වේ. මාර්ගගත සත්‍යාපන ක්‍රම 2022 සිට ඇතත්, ඒවා දැනට භාවිත වන්නේ ඇතැම් කණ්ඩායම් සඳහා පමණි. මෙම නිවේදනය සිකුරාදා නිකුත් කිරීමට අපේක්ෂා කරන බවට රජය ප්‍රකාශ කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.