එක්සත් රාජධානියේදී චීන PhD ශිෂ්‍යයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

2019ත් 2023ත් අතර කාලය තුළ කාන්තාවන් 10 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වීමෙන් පසු, චීන ජාතික PhD ශිෂ්‍යයෙකු වන සෝ ෂෙන්හාඕ (Zou Zhenhao) හට එක්සත් රාජධානියේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. මෙම දූෂණය ලන්ඩනයේ මෙන්ම චීනයේදී ද සිදුව ඇති බවට වාර්තාවේ.

ඔහු වරදකරු කිරීමෙන් අනතුරුව, එක්සත් රාජධානිය, චීනය සහ වෙනත් රටවලින් වින්දිතයින් 23 දෙනෙකු ඉදිරිපත් වී සිටිති. එක්සත් රාජධානියේ පොලිසිය විශ්වාස කරන්නේ, මුළු වින්දිතයින් සංඛ්‍යාව 50 ඉක්මවිය හැකි බවයි.
ලන්ඩන් විශ්ව විද්‍යාලයීය විද්‍යාලයේ (University College London) අධ්‍යාපනය ලැබූ සෝ, WeChat සහ dating apps හරහා චීන කාන්තාවන් ඉලක්ක කර ගෙන තිබේ. ඔහු ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබා දී, සැඟවුණු කැමරා මගින් පටිගත කර ඇත.

බලධාරීන් විසින් ඖෂධ, වීඩියෝ දර්ශන සහ ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංගවලින් ලබාගත් ටෙරාබයිට් 6.5කට අධික දත්ත ඇතුළු විශාල සාක්ෂි ප්‍රමාණයක් සොයාගෙන ඇත. පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, තවත් චෝදනා ගොනු වීමට ඉඩ ඇති බවට වාර්තාවේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top