එක්සත් ජාතීන්ගේ සම්බාධක, යුරෝපයේ න්‍යෂ්ටික සාකච්ඡා භූමිකාව අවසන් කළ හැකි බවට ඉරානය අනතුරු අඟවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අනතුරු අඟවා ඇත්තේ, ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නැවත පැනවීම යුරෝපයේ න්‍යෂ්ටික සාකච්ඡා වල භූමිකාව අවසන් කරනු ඇති බවයි.

ඔහු පැවසුවේ, ඇමරිකා එක්සත් ජනපදය සමඟ නව සාකච්ඡා සඳහා වන කොන්දේසි ඉරානය විසින් සමාලෝචනය කරමින් සිටින බවත්, නමුත් ඕනෑම සාකච්ඡාවක් න්‍යෂ්ටික ගැටලු කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවත්, හමුදා කටයුතු පිළිබඳව නොවන බවත්ය.

මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති  දින 12 ක ගැටුමකින් පසුව වන අතර, ඇමරිකා එක්සත් ජනපදය ද කෙටි කලකට මෙම ගැටුමට සම්බන්ධවී ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන ඉලක්ක කළේය. පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලදී.

ගැටුමෙන් පසුව, ඉරානය එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය (IAEA) සමඟ සහයෝගීතාවය අත්හිටුවා ඇති අතර ඉරාන ජනාධිපතිවරයා දැන් නව නීතියක් අත්සන් කර ඇත. ඒ අනුව ඕනෑම IAEA පරීක්ෂාවකට පෙර දේශීය අනුමැතිය අවශ්‍ය වන අතර, අනාගත ප්‍රහාර සඳහා දැඩි ප්‍රතිචාර පිළිබඳවද අනතුරු අඟවා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top