එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇරඹෙයි; ගාසා සහ රුසියානු-යුක්රේන ගැටුම් පිළිබඳව වැඩි අවධානය

එක්සත් ජාතීන්ගේ (UN) වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයේ (UNGA) පළමු දිනයේ ඉහළ පෙළේ විවාදයක් සඳහා ලෝක නායකයෝ නිව්යෝක් නගරයේදී රැස්ව සිටිති.

බොහෝ නායකයින් තම අදහස් ඉදිරිපත් කර ඇත්තේ ඊශ්‍රායලය සහ ගාසා තීරය (Gaza) අතර පවතින ගැටුම සහ රුසියානු-යුක්රේන යුද්ධය ඇතුළු ලෝක ගැටුම්වලට සාමය ගෙන ඒමේ උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කරමිනි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විනාඩි 55ක කථාවක් පවත්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය අකාර්යක්ෂම බව පවසමින්, නිදහස් ලෝකයට එල්ල වන විශාලතම තර්ජන ලෙස සංක්‍රමණය සහ පුනර්ජනනීය බලශක්තිය හඳුන්වා දී ඇත.

මේ අතර, ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ උත්සාහයක් දියත් කර ඇති පසුබිමක, ඇන්ඩෝරා (Andorra), බෙල්ජියම (Belgium), ප්‍රංශය (France), ලක්සම්බර්ග් (Luxembourg), මෝල්ටා (Malta) සහ මොනාකෝ (Monaco) යන රටවල් පලස්තීන රාජ්‍යය පිළිගන්නා රටවල් සංඛ්‍යාවට එක් විය.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top