එංගලන්තයේ ධජ ඉවත් කිරීම සම්බන්ධයෙන් බර්මින්හැම් නගර සභාව විරෝධයට

බර්මින්හැම් (Birmingham) නගරයේ සමහර ප්‍රදේශවල එංගලන්තයේ සහ එක්සත් රාජධානියේ ධජ එල්ලා තිබූ අතර, නගර සභාව පවසා ඇත්තේ නඩත්තු කටයුතු හේතුවෙන් ඒවා ඉවත් කරන බවයි. මෑත සතිවලදී, නගරයේ වුලී කාසල් (Weoley Castle) සහ නෝර්ත්ෆීල්ඩ් (Northfield) ප්‍රදේශවල එක්සත් රාජධානියේ ධජය (Union Jack) සහ ශාන්ත ජෝර්ජ් කුරුසය (St George’s Cross) එල්ලා තිබූ අතර, ප්‍රදේශවාසීන් පැවසුවේ එය දේශප්‍රේමී ක්‍රියාවක් (patriotism) ලෙස කළ බවයි.

කෙසේ වෙතත්, බර්මින්හැම් නගර සභාව, විදුලි පහන් කණු සහ වෙනත් වීදි උපාංගවලට ධජ ඇලවූ පදිංචිකරුවන්ට නගර සභාව පවසා ඇත්තේ, බලශක්ති කාර්යක්ෂම LED විදුලි පහන් සවි කිරීම සඳහා විදුලි පහන් කණු යාවත්කාලීන කරමින් සිටින බවත්, මේ දක්වා බැනර් සහ ධජ 200ක් පමණ ඉවත් කර ඇති බවත්ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදේශවාසීන්ගේ ප්‍රතිචාර, කෝපය සහ ව්‍යාකූලත්වය මිශ්‍ර වී ඇති අතර, බොහෝ දෙනෙක් ධජ ඉවත් කිරීමට නගර සභාවේ අභිප්‍රායන් ගැන ප්‍රශ්න කර තිබෙනවා.

තවත් ධජ මිලදී ගැනීම සඳහා Weoley Warriors නම් කණ්ඩායමක් විසින් අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති අතර, මෙතෙක් පවුම් 4,000කට වඩා රැස් කර ඇති එම කණ්ඩායම පැවසුවේ, ඔවුන්ගේ අරමුණ දේශීය ප්‍රජාවන්ට බලාපොරොත්තුවක් ලබා දීම බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top