එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) නිවේදනය කර ඇත්තේ, තම ඉල්ලීම මත Coca-Cola සමාගම එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන සිසිල් බීම සඳහා අධි-ෆෲක්ටෝස් බඩ ඉරිඟු සිරප් (high-fructose corn syrup) වෙනුවට උක් සීනි (cane sugar) භාවිතා කිරීමට එකඟ වූ බවයි.
ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම වෙනස “ඉතා හොඳ පියවරක්” වනු ඇති බවයි. එමෙන්ම, මෙම එකඟ වීම සම්බන්ධව Coca-Cola හි බලධාරීන්ට ස්තූතිවන්ත වන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Coca-Cola සමාගම ට්‍රම්ප්ගේ නිවේදනය තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකළ නමුත්, ජනාධිපතිවරයා Coca-Cola සන්නාමය කෙරෙහි ඇති උද්යෝගය අගය කරන බවත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.