ඊශ්‍රායල හමුදා විසින් ගාසා නගරයේ නිවසකට බෝම්බ හෙලීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙය, ඊට පෙර දින වටලනු ලැබූ ගාසා තීරය පුරා එල්ල වූ ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 78 දෙනෙකු මියගිය පසු සිදු වූ තවත් ප්‍රහාරයකි. අද (ජූලි 06) ද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් 27 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ (Benjamin Netanyahu) ප්‍රකාශ කළේ, සටන් විරාම සාකච්ඡා සඳහා කටාර් (Qatar) වෙත නියෝජිතයන් යවන බවයි. එහෙත්, හමාස් (Hamas) සංවිධානය ඉල්ලා ඇති ගිවිසුමේ වෙනස්කම් “පිළිගත නොහැකි” බව ද ඊශ්‍රායලය සඳහන් කරයි.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මැයි මස අග භාගයේ සිට ඇමරිකානු සහ ඊශ්‍රායල අනුග්‍රහය ලබන ගාසා මානුෂීය පදනම (GHF) විසින් පවත්වාගෙන යනු ලබන ස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලින් ඊශ්‍රායල හමුදා විසින් අවම වශයෙන් පලස්තීනුවන් 743 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් 57,418 දෙනෙකු මියගොස් ඇති අතර, 136,261 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවලින් 1,139 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, 200 කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.