ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන්, තම ආදරණීයයන් නිදහස් කර ගැනීමට සහ පලස්තීන භූමියේ යුද්ධය අවසන් කරන ලෙස තම රජයෙන් ඉල්ලා සිටී.
ප්‍රාණ ඇපකරුවන් සහ අතුරුදහන් වූවන්ගේ පවුල් සංසදය (Hostages and Missing Families Forum) X සමාජ මාධ්‍යයේ නිකුත් කළ ප්‍රකාශයකින් අවධාරණය කළේ, “සටන් විරාම ගිවිසුම ගාසා තීරය ද ඇතුළත් වන පරිදි පුළුල් විය යුතුයි. සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට තුඩු දෙන සාකච්ඡා සඳහා වහාම රජය සම්බන්ධ වන ලෙස අපි ඉල්ලා සිටිනවා.” ඉරානය සමඟ සටන් විරාමයක් ලබාගත හැකි නම්, ගාසා තීරයේ යුද්ධය ද අවසන් කළ හැකි බව ඔවුහු තර්ක කළහ.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඉරාන මෙහෙයුම උපයෝගී කර ගැනීමට අපොහොසත් වීම “දැඩි රාජ්‍යතාන්ත්‍රික අසාර්ථකත්වයක්” බව ඔවුහු පවසන අතර, මෙම “ඓතිහාසික අවස්ථාව” දෙඅතින්ම අල්ලා ගන්නා ලෙස ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටියහ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.