ඊශ්‍රායලයට ඇමෙරිකානු හමුදා සහයෝගය ලබා දීමෙන් “නැවත සකස් කළ නොහැකි හානියක්” සිදුවිය හැකි බවට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී ඛමේනි (Ayatollah Ali Khamenei), එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට එක්සත් ජනපදය සම්බන්ධ වීම ට්‍රම්ප් සලකා බලන බවට වාර්තා වීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික ඒජන්සියට අනුව, ඊශ්‍රායලය මෑතකදී ඉරාන න්‍යෂ්ටික පහසුකම් සපයන ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර ඇති අතර. ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානය ඊශ්‍රායලයට අධිවේගී මිසයිලයක් (hypersonic missile) එල්ල කළ බව පවසයි.
තවද ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ ඛමේනි, ඉරානය කිසිවිටෙකත් යටත් නොවන බව අවධාරණය කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි