දකුණු ගාසා තීරයේ (Gaza Strip) රෝහලකට ඊශ්‍රායලය (Israel) එල්ල කළ ප්‍රහාරයකින්, ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සඳහා සේවය කළ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
නාසර් රෝහලට (Nasser Hospital) එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සිය කැමරා ශිල්පියෙකු මිය ගිය බව රොයිටර් (Reuters) පුවත් සේවය ප්‍රකාශ කර තිබෙනවා. අල් ජසීරා (Al Jazeera), ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) සහ එන්බීසී (NBC) සඳහා සේවය කළ තවත් මාධ්‍යවේදීන් තිදෙනෙකු ද මිය ගොස් ඇති බව වාර්තා වේ.
හමාස් (Hamas) පාලනයට අයත් සිවිල් ආරක්ෂක අංශය පැවසුවේ, පළමු ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු මිය ගිය බවත්, මුදා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ සිටියදී සිදුවූ දෙවන ප්‍රහාරයකින් තවත් පිරිසක් මිය ගිය බවත්ය.
මියගිය අය අතර රොයිටර් පුවත් සේවයේ කැමරා ශිල්පී හුසාම් අල්-මස්රි (Husam al-Masri), අල් ජසීරා හි මොහොමඩ් සලාමෙහ් (Mohammed Salameh), ඇසෝසියේටඩ් ප්‍රෙස් හි මාධ්‍යවේදිනී මරියම් අබු ඩකා (Mariam Abu Daqa) සහ එන්බීසී හි ඡායාරූප ශිල්පී මුආත් අබු තාහා (Muath Abu Taha) ද සිටින බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.